පානදුර මුහුදේ දිය නාමින් සිටි පිරිසක් ගසාගෙන ගොස් තිබෙන අතර ඉන් අයෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මේ අනූව පානදුර මුහුදේ දිය නාමින් සිටියදී ගසාගෙන ගිය 13 දෙනෙකු අතරින් 12දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසන්නේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, කෙසෙල්වත්ත, ගැමුණු මාවතේ පදිංචිව සිටී 18 හැවිරිදි කේසාන් සඳරුවන් නමැති තරුණයෙක්.
අතුරුදන්ව ඇති තරුණයා සිය වැඩිමහල් සොහොයුරා සමග මිතුරන් දෙදෙනකු සහ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවක් පැමිණි 08 දෙනෙකු ඇතුලු පිරිසක් පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැව ආසන්නයේ දිය නාමින් සිට තිබෙනවා.
එහිදී එක්වරම ඔවුන් පිරිස රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.
වහා ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් රෙස්කියු ටියුබ් රැගෙන මුහුදට පැන රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි එකොළොස් දෙනෙකු බේරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.




















