අධික වැසි සමඟ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් ගමන් කරමින් තිබූ දුම්රියක හැපීමෙන් වවුනියාව පොලිසියේ සැරයන්වරයකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
මෙම සැරයන්වරයා ඊරට්පෙරියකුලම්, වවුනියාව මාර්ගයේ නව ගම කිරිවෙහෙර ප්‍රදේශයේ තම නිවසට ගමන් කරමින් සිටිය දී ඊයේ (30) රාත්‍රී 7.45 ට පමණ මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.
සැරයන්වරයා නිවසට යන මාර්ගයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් අසලදී යතුරු පැදිය නවතා ගැනීමට තිරිංග තද කිරීමේදී එම අවස්ථාවේ පැවැති අධික වර්ෂාවත් සමඟ යතුරුපැදිය ලිස්සා ගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සැරයන්වරයා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
වෙනත් පුවත්
උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මෙසේ දුම්රිය මාර්ගය ට පස්කන්ද කඩා වැටිම නිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට කොටගල දුම්රිය ස්ථානයේ සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ඉවත් කිරීමට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් පිටත් කර යවා ඇති බවත් , මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය




















