BREAKING NEWS
Search

කොලබ යනවනම් මේ ගැන දැනුවත් වෙන්න

58
පෙබරවාරි 4 වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට නියමිත 29, 30, 01 සහ 02 යන දිනයන්හි සහ නිදහස් දින සැමරුම් උත්සව දිනයේ කොළඹ ප්‍රදේශයේ නව රථවාහන සැලැස්මක්  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු ඉහත සඳහන් කරන ලද දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට පහත සඳහන් පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙනවා.

මාර්ග වසා තැබීම / රථවාහන ගමනාගමනය සීමා කිරීම්

A. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම.
B. ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම.
C. විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම.
D.ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම.
E. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම.
F. ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම.
G. නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම.
H. පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුල් වීම (සීමා කිරීම)
I. නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.

ගමනාගමනය සීමා කර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර පහත පරිදි කොළඹට ඇතුල් විය හැකිය.
01.නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතට ඇතුල් විය හැකිය.
02.බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසට ගමන් කල හැකිය.
03.විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසට ගමන් කල හැකිය.
පෙරහුරු රාජකාරි හා නිදහස් දින උත්සවය අවසන් වීමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා ඉහත මාර්ග විවෘත කිරීමේ කටයුතු  කෙරෙනු ඇති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *