BREAKING NEWS
Search

රත්මලාන රත් කරමින් ලුනාව ඇලෙන් හමු වූ දේ

103

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.

මෙදින උදෑසන ඇල මාර්ගයේ සේවා කටයුතු සිදුකරන සේවක පිරිස රාජකාරි කටයුතුවල යෙදී සිටින අතර මෙම මළසිරුර දැක ගල්කිස්ස පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල හදිසි මරණ පරීක්ෂක කේ.ඡේ.ඒ.බන්දුල ප්‍රශන්න මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කර වැඩිදුර පශ්චාත් මරණ   පරීක්ෂණය සඳහා මෘතශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට අදාළ උපදෙස් පොලිසිය වෙත ලබා දෙනු ඇත.

වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශන්න බ්‍රහ්මණගේ මහතාගේ අධීක්ෂණය මත ගල්කිස්ස පොලිසිය අපරාධ අංශය නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *