කැබ්‍ රියක් යතුරුපැදියක ගැටී පොලිස් සැරයන් මරුට

62

රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ්‍ රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය පැවසීය. ​

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ අන්ද්‍රාහැන්නදිගේ මංජුල ප්‍රියනාත් නමැති 54 හැවිරිදි පොලිස් සැරයන් වරයාය.

ඔහු අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

පොලිස් සැරයන් වරයා යතුරුපැදියෙන් රන්න දෙස සිට හුංගම දෙසට ගමන් කරමින් සිටියදී හුංගම දෙස සිට රන්න දෙසට ගමන් කරමින් තිබූ කැබ්‍ රථයේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .

කැබ්‍ රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් යතුරුපැදියේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .

ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්වරයාගේ දේහය රන්න ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබේ .

කැබ්‍ රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. හුංගම පොලිසියේ රථවාහන අංශය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *