BREAKING NEWS
Search

වේගෙන් යන මල්ලිලාට සොරිම තමයි… පොලිසියට ලැබුණු අලුත්ම ගැජට් එක

103
අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීම සඳහා  ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් අද (11) උදෑසන පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ අනුව මෙහි පළමු අදියර ලෙස මීගමුව, කැලණිය, ගම්පහ යන කොට්ඨාසවල කොට්ඨාස භාර නිලධාරීන් වෙත සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල ලබා දුන් අතර, ඉදිරියේදී දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත ලබා දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

තවද පොලිස් රථ වාහන මුලස්ථානය මඟින් ඉදිරියේදී රථ වාහන නිලධාරීන්ට මෙම වේග මාපක යන්ත්‍රය හැසිරවීම සඳහා අවශ්‍ය පුහුණුවද ලබාදීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *