BREAKING NEWS
Search

අමාරුවෙන් ජිවත් වෙන්න උත්සාහ කරන මනුස්සයාට තමයි හැම කරදරේම. අනුරාධපුරෙන් ඇසෙන සංවේදී කතාව

112

නගර සභාවේ ට්‍රැක්ටර් රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයකු ඉන් ඇද වැටී බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (9) මියගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප්‍ර දේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

අනුරාධපුර බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවාගෙන යමින් සිටියදී මියගිය පුද්ගලයා ඉන් වැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *