තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන

231

ඉසිමග ඉන්ටර්නැෂනල්  පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන් අට දෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරණු දක්වමින් අද(08)පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සමාගම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්,සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන  කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගොස් ඇති මෙම මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් අගතියට පත් තැන්පත්කරුවන් රැසක් පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වහා අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විමර්ශණ  ගොනුව බහාතැබීමට නියෝග කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *