BREAKING NEWS
Search

අවුරුදු එකහමාරක් වයසැති දරුවෙකුට අත්වූ ඛේදජනක ඉරණම

118

අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවෙකු ඇළකට වැටි මිය ගොස් තිබේ.

සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (04) මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමේදීය.

දරුවා ඇළ අසල නිවසේ සිට ඇවිද යමින් සිට ඇති අතර එහිදී එක්වරම ජලයට වැටී තිබේ.

එහිදී ඇළට වැටුණු දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගියද රෝහලට ඇතුළත් කිරීමට පෙර දරුවා මියගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දරුවාගේ සිරුර කළුවන්චිකුඩි මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් වෙල්ලාවේලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *