දෙන්නෙක්ට එක පාර ආදරය කරනවා නම්, මෙන්න උපදෙස් !

491

මේක සාමාන්‍යයෙන් ගත්තත් බුදු අම්මෝ වෙන මාතෘකාවක්. ඇයි? දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුළුවන්ද බැරිද කියන එක පැත්තකින් තිබ්බත්, තමන්ගේ ආදරවන්තයා හරි ආදරවන්තිය හරි දෙන්නෙක්ට එක පාර ආදරෙයි කියලා දැනගන්න එක, එහෙම නැතිනම් තමන් ඇරෙන්න තවත් කෙනෙක්ට ආදරෙයි කියල දැනගන්න එක කෙනෙක්ට සෑහෙන්න ලොකු ෂොක් එකක් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ඔය දෙන්නෙක්ට එක පාර ආදරේ කරන එක අවුල් වගේ පෙනුනට, ඒක සෑහෙන්න සිද්ධ වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි රහසෙන් තමයි.ආන්න ඒ කතන්දරේ ගැන ටිකක් විස්තර කියන්න, උපදෙස් කීපයක් ලබාදෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.

Advertisement

1. අවංක වෙන්න සිද්ධ වෙනවා

Advertisement

දෙන්නෙක්ට එක පාර ආදරේ කරනකොට ලේසිම වැඩේ තමයි එකිනෙකාට හංගලා දෙන්නට වෙන වෙනම ආදරේ කරන එක. හැබැයි ඉතින් ඒකට කියන්නේ වං’චාව කියලා. ඇත්තටම, හරි විදියට දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න නම් ඒ ආදරේ කරන දෙන්නටම බොහොම අවංක වෙන්න සිද්ධ වෙනවා. අවංක වෙලා දෙන්නම ඒ ගැන ඕකේද කියලා හොයලා බලන්න වෙනවා. එහෙම එක්කෙනෙක් හරි තව කෙනෙක් ජීවිතේට එනවාට අකමැති නම්, අන්න වැඩේ එක්කෝ අත අරින්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් කරුණු කාරණා කතාබහ කරගෙන වැඩේ අත අරින්න සිද්ධ වෙනවා.

Advertisement

ඇත්තටම ගොඩක් දෙනෙක් වං චා සහගත මාර්ගය තෝරගන්නේ, දෙන්නෙක්ට එක පාර ආදරේ කරනවා කියන කාරණාව ගැන අවංක වෙන එක ඉතාම අමාරු නිසා තමයි. මොකද, ඒ ගැන අවංක වෙන්න පුළුවන් වෙන්නේ විවෘතව ඒ ගැන දකින මනුස්සයෙක් එක්ක විතරයි.

Advertisement

2. විස්තර කියනවද නැද්ද?

Advertisement

මෙන්න මේක වැදගත්. තමන් එක්කෙනෙක් ගැන සම්පූර්ණ විස්තර අනිකාට කියනවද නැද්ද කියන එක. ඒක මෙහෙමයි. දැන් අපි කියමු අපිට ආදරේ හිතිලා ඉන්න එක්කෙනෙක් අනික් එක්කෙනාට වඩා සෑහෙන්න ලස්සනයි හරි අධ්‍යාපනය පැත්තෙන් ඉහළයි හරි, අන්න ඒ වගේ සීන් එකක් කියලා. දැන් එතකොට ඒ කෙනාගේ නම, ගම, වයස, අධ්‍යාපන මට්ටම, බාහිර පෙනුම, ආධ්‍යාත්මය, ගතිගුණ වගේ හැම එකක්ම අනික් කෙනා එක්ක කියන එකෙන් සමහර වෙලාවට ඔය ඊ[ර්ෂියාව, ආත්ම සම්මානය හීන වීම වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ හැම දෙයක්ම කියනවාද කියන එක එකිනෙකාගේ චරිත ස්වභාවය අනුව තීරණය කරන්න ඕන දෙයක්.

Advertisement

3. සීමාවන් මොනවද?

Advertisement

මෙන්න මේකත් ඉතාම වැදගත් කාරණාවක්. අපි මුලින්ම කිවුවනේ දෙන්නෙක් එක්ක ආදරේ කරනවා නම් එකිනෙකා එක්ක සම්පූර්ණයෙන්ම අවංක වෙන්න ඕන කියලා. හැබැයි එහෙම තුන්දෙනාම තත්ත්වය ගැන දැනුවත් වුනාට පස්සේ, එකිනෙකා අතර තියෙන්න ඕන සීමාවන් ගැනත් හොඳ අවංක සංවාදයක් යන්න ඕන. ඇත්තටම උඩින් කියපු දෙවෙනි කාරණාව තේරුම් බේරුම් කරගන්නත් මේ සංවාදය වැඩගත් වෙයි.

Advertisement

දැන් මේ සීමාවන් වුනත් ඇත්තටම පුද්ගලානුබද්ධයි. උදාහරණයක් විදියට එක්කෙනෙක් කියන්න පුළුවන් “ඔයා මට කියලා අනික් කෙනා එක්ක ඩේට් අවුට් එකකට, සෙක්ස් කරන්න යන්න, හැබැයි මට විස්තර කියන්න එපා” කියලා. හරි, ඒක සාධාරණයිනේ. හැබැයි එහෙම වුනාට අනික් කෙනාට ආසාවක් තියෙන්න පුළුවන් තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය එයාගේ අනික් ආදරවන්තයා/ආදරවන්තිය එක්ක කරන කියන දේවල් අහන්න. අන්න එහෙමනම් ඒවා කියන එක කාරියක් නෑ. ඒ ඇරුණහම එක ආදරවන්තයෙක්/ආදරවන්තියක් කියන්න පුළුවන් එයාට කවදාවත්ම අනික් කෙනාව මුණගස්වන්න එපා කියලා. ඒකත් එතකොට සීමාවක්. සමහර කෙනෙක් කියන්න පුළුවන් “එයාව කවදවත් ඔයාගේ යාළුවන්ට අඳුන්වලා දෙන්න එපා” කියලා. ඒක වුනත් අපිට පිළිගන්න පුළුවන් නම් සීමාවක්!

Advertisement

ඉතින් මෙන්න මේ වගේ තම තමන්ගේ සීමාවන් මොනවද කියන එක හරියට කලින් තීරණය කරගන්න ඕන.

Advertisement

4. කාටද මං වැඩියෙන් කැමති?

Advertisement

ඇත්තටම දෙන්නෙක් එක්ක රිලේශන්ෂිප් එකක් තියෙනවා නම්, කාටද වැඩියෙන් කැමති කියන කාරණාව ගැන හිතන්න යොමු වෙන්න අවශ්‍ය නෑ. කොහොමත් එහෙම නිල වශයෙන් දෙන්නගෙන් එක්කෙනෙක්ට වැඩිපුර කැමති වෙන්න අවශ්‍යතාවයක් පැන නගින්නෙත් නෑනේ. සමහර වෙලාවට ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් පොඩි ජෙලසි ලයින් එකක අහන්න පුළුවන් දෙන්නාගෙන් කාටද වැඩියෙන්ම කැමති කියලා. එතකොට ඉතින් එක්කෝ “දෙන්නාටම එක වගේ හිතයි, ත්‍රිකෝණයේ පාද සමයි” කියලා බේරෙන්න පුළුවන්. නැතිනම් වෙන ක්‍රියේටිව්, බොරු නොවෙන උත්තරයක් දෙන්න පුළුවන්.

Advertisement

හැබැයි අපිට අවශ්‍ය නම් තේරුම් ගන්න පුළුවන්, දෙන්නා ගැන තියෙන ෆීලින්ග්ස් කොයි වගේද කියලා. ඒ කියන්නේ දෙන්නටම තියෙන්නේ ආදරයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි දෙන්නා ගැන තියෙන ආදර හැඟීම් වල පදනම හෝ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් ගොඩක් දුරට.

Advertisement

5. නිරන්තර සන්නිවේදනය වැදගත්

Advertisement

ඇත්තටම දෙන්නෙක් එක්ක ආදරය කරනකොට, ඒ දෙන්නා එක්කම පැහැදිලි සන්නිවේදනයක් තියාගන්න එක ඉතාම වැදගත්. විශේෂයෙන්ම ලව් දෙක මික්ස්-අප් කර නොගන්න එහෙම මේ සන්නිවේදනය වැදගත්. උදාහරණයක් ගමු. ඔන්න ඔයා අද එක්කෙනෙක් එක්ක එලියට කෑමකට යනවා. දැන් එතකොට ඔයා අනික් කෙනාට ඒ බව කියලා තියන්න ඕන. අන්න එතකොට අනික් කෙනා දන්නවා, ඔයාට කෝල් කර කර, මැසේජ් කර කර නොඉන්න. එහෙම නැතිනම් ඔයත් එක්ක අද එලියට යන එක්කෙනා අප්සට් වෙන්න පුළුවන්, එයා එක්ක ඉන්න තියෙන වෙලාවෙත් ඔයා අනික් කෙනා එක්ක කතා කර කර ඉන්නේ කියන එක ගැන. ඒ විතරක්ද, අන්න ඒ වගේ වෙලාවට ඔය ඊ[ර්ෂියාව වගේ අනවශ්‍ය හැඟීම් එන්න පුළුවන්.

Advertisement

ඒ ඇරෙන්න ඉතින් මේ නිවැරදි සන්නිවේදනයේදී, අපි ජෙනුයින් වෙන එකත් අවශ්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත්, එක්කෙනෙක්ට මොකක් හරි ලව් මෙසේජ් එකක් ලියලා, ඒකම අනික් කෙනාටත් ෆෝවර්ඩ් කරන එකේ පොඩි අවුලක් තියෙනවා. සමහර වෙලාවට ඒ දෙන්නට දෙන්නා කවදාවත් හොයාගන්න එකක් නෑ දෙන්නටම එකම මෙසේජ් එක ආවා කියලා. ඒත් අපි දෙන්නා ගැන හිතන පතන විදියට බලපෑම් කරන්න පුළුවන් ඒ වගේ කම්මැලි වැඩ. කොටින්ම කිවුවොත්, දෙකක් රන් කරනවා නම්, ඒ දෙන්නාටම හරියට සලකන්න අපිට පුළුවන් වෙන්න ඕන!

Advertisement

6. කාල කළමනාකරණය කොහොමද?

Advertisement

ඔන්න ඔය උඩින් කියපු දෙකක් රන් කරනවා නම්, ඒ දෙන්නාටම හරියට සලකන්න අපිට පුළුවන් වෙන්න ඕන කියන කාරණාව එක්ක එන තව දෙයක් තමයි කාල කළමනාකරණය. දැන් අපි හැමෝටම දවසකට තියෙන්නේ පැය විසිහතරයිනේ. දැන් ඔය පැය විසිහතර ඇතුළත තමයි ගහන ඕනම ගේමක්. අනික් වැඩ පල සේරමත් කරලා ඊට පස්සෙ ආදරේ කරන්නත් කාලය වෙන් කරන එක තරමක අභියෝගයක්. මතක තියාගන්න. එක්කෙනෙක්ට හොඳට සලකලා, අනික් කෙනාට අඩුවෙන් සලකන්න බෑ. ආන්න ඒ නිසා, කෙනෙක් තමන්ගේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එකත් කලින් හිතන්න ඕන. ඊට පස්සේ ඒ සැලසුම ආදරවන්තයෝ/ආදරවන්තියෝ දෙන්නාටම කලින් සන්නිවේදනය කරන්නත් ඕන.

Advertisement

එහෙම නැතුව එන එන විදියට උලුවස්ස ගහන්න යන එකෙන් දෙන්නම නැති වෙන්න පුළුවන්.

Advertisement

7. කාටද මේක කියන්නේ?

Advertisement

මෙන්න මේක ඉතාම වැදගත් කරුණක්. දැන් අපි දෙන්නෙක්ට ආදරේ කරන එකට ඒ දෙන්නම ඕකේ වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ මුළු ලෝකෙමත් ඒකත් එක්ක ඕකේ වෙයි කියලා. විශේෂයෙන්ම ආදරවන්තයෝ/ආදරවන්තියෝ දෙන්න ඕකේ වුනාට, සමහර වෙලාවට එතනින් පිට අය මේක දැනගත්තහම ඒ දෙන්නා අපහසුතාවයට පත් වෙන අවස්ථාවන් එන්න පුළුවන්.

Advertisement

උදාහරණ ගමු. අපි යාළුවන්ට කියලා තිබ්බොත් අපි දෙන්නෙක්ට ලව් කියලා, එයාලගෙන් එන ප්‍රතිචාරය අපිට දරන්න පුළුවන් නම් ගැටළුවක් නෑ. හැබැයි අපි යාළුවන්ට ලව් කරන දෙන්නා කවුද කියන එක කියලා තිබ්බොත්, ඒ ප්‍රතිචාර අර දෙන්නටත් එන්න පුළුවන්. එහෙම නැතිනම් අපි කියමු දෙන්නවම අපි යාළුවන්ට හඳුන්වලා දෙනවා කියලා. ඒක ධනාත්මකව ගන්න යාළුවෝ වගේම සෘණාත්මකව ගන්න යාළුවොත් ඉන්න පුළුවන්. අන්න එතකොට ඒ අය ලබාදෙන ප්‍රතිචාරය අපේ ආදරවන්තයෙක්ගේ/ආදරවන්තියකගේ හිත රිද්දන්න සමත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ වගේ ආදර සම්බන්ධතා දෙකක් එක පාර කරගෙන යන අවස්ථාවක ඒක පොඩ්ඩක් තමන් අතරම තියාගන්න එක තමයි ඥාණවන්ත කාරණාව.

Advertisement

Source – Lifie.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *