ඉතින් ඒ නිසාම ඔහු ගැන අපි සොයාබලන්න හිතුවා.. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවන රොහාන් සිල්වා කිව්වේ මේ වගේ කතාවක්.. මීට මාසයකට පමණ පෙර ඉෂාන් බෙග් නම් මේ ප්‍රවිණ කලාකරුවා අසනීප වී ඇති බවටයි තොරතුරු දැනගන්න ලැබුණේ.. යම්තාක් දුරකට සුවය ලැබූ ඔහු මේ වනවිට නැවතත් කතා කිරීමට පටන්ගෙන ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුවයි..
කොහොම වුණත් මීට මාස කිහිපයකට ඉහත හිරු තිරය හරහාත් ඔහු තම ආදරණීය ප්‍රේක්ෂකාගාරය පිනෙව්වා… ඔහුගේ ජීවිතය ගොඩක් සරල වූවක්… ඉතින් නොයෙකුත් අපහසුතා මැද අද වෙනකොට ඔහු රාගම පුනරුත්තාපන රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබනවා…..
ඒ වගේම සම්පූර්ණ සුවය ලැබීමට නම් ඔහුට තවත් කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්න සිදුවේවි.. කොහොම වුණත් රොහාන් මහතා පැවසූ පරිදි මේ මහා කලාකරුවාට ගොඩක් දෙනෙක් සුව ප්‍රාර්ථනා කරනවා වගේම ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් ඇතමෙක් උපකාර කරන්නත් ඉදිරිපත් වෙලා.. ඇත්තෙන්ම ඉතාමත් දුශ්කර කාලයක් ගත ඔහු වෙනුවෙන් උපකාර කරන්න ඔබටත් හැකියාව පවතිනවා..






















