මුහුණ දනවා පපුවත් රිදෙනවා කීවා – කොණ්ඩයයි රැවුලයි ඩයි කළ චානකට ඇත්තටම වුණේ මොකක්ද?

632
හඳපානාගල ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක කොණ්ඩය හා රැවුල ඩයි කිරීමෙන් පැයකට පමණ පසු ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කළ 37 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් බදුල්ල අධිකරණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි මහත්මිය විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.
සිද්ධිය සිදු වූ පසුගියදා 24 වෙනිදා උදෑසන 10.00ට පමණ හඳපානාගල, ඇකා දුටු ලිපිනයේ පදිංචි 37 හැවිරිදි ගීගන ගමගේ චානක ඉඳුනිල් නැමැත්තා හඳපානාගල ප්‍රදේශයේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයකට ගොස් ඇති අතර, එහිදී ඔහු කොණ්ඩය හා රැවුල කපා ඩයි කිරීමක් ද සිදු කරගෙන තිබේ.
අනතුරුව දහවල් 12.00ට පමණ මුහුණේ දැවිල්ලක් ද පපුවේ වේදනාවක් ද ඇති වී ” ඉක්මනින් රෝහලට යමු ” යැයි සිය බිරියට පවසා ඇත.

බිරිය ඇයගේ යතුරු පැදියෙන් වහාම සැමියාව හඳපානාගල ග්‍රාමීය රෝහලට රැගෙනවිත් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව මෙම පුද්ගලයාව ගිලන්රථයකින් වැල්ලවාය මූලික රෝහලට එවා තිබේ.

වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් වැල්ල­වාය හදිසි මරණ පරී­ක්ෂක එච්.එම්.ජේ. හේරත් මහ­තාගේ දැනු­ම්දී­ම­කට අනුව වැඩි­දුර විම­ර්ශ­නය සඳහා බදුල්ල විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි, වැල්ල­වාය අධි­ක­රණ වෛද්‍ය රොෂාන් හේවා­වි­තා­රණ, වැල්ල­වාය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි ජේ.එම්. විම­ල­සූ­රිය යන මහත්ම මහ­ත්මීහු එම කොණ්ඩා කපන ස්ථාන­යට ගොස් ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් සිදු කළහ.

එහිදී ඩයි කිරී­මට යොදා ගත් ඩයි වර්ග සහිත ආලේ­පන වැඩි­දුර විම­ර්ශන සඳහා ලබා ගන්නා ලෙස විශේ­ෂඥ වෛද්‍ය­ව­රිය වැල්ල­වාය පොලී­සිය වෙත උප­දෙස් ලබා දුන් අතර,මර­ණ­යට අදාළ හදිසි මරණ පරී­ක්ෂ­ණය වැල්ල­වාය හදිසි මරණ පරී­ක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා විසින් සිදු කරන ලදි.

පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හා විශේ­ෂඥ අධි­ක­ර­ණය වෛද්‍ය පරී­ක්ෂ­ණය වැල්ල­වාය මහ රෝහලේ මෘත ශරී­රා­ර­යේදී බදුල්ල විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය ඩබ්.ඒ.සී. ලක්මාලි, වැල්ල­වාය අධි­ක­රණ වෛද්‍ය රොෂාන් හේවා­වි­තා­රණ යන මහත්ම මහ­ත්මීන් විසින් සිදු කරන ලදුව විවෘත තීන්දු­ව­කින් අන­තු­රුව මර­ණය ඥාතීන් වෙත නිද­හස් කර තිබේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ වැල්ල­වාය පොලී­සිය සිදු කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *