BREAKING NEWS
Search

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී තරුණයෙක් මරුට

204

කලවාන – වතුරාව මාර්ගයේ වෙම්බියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වු රිය අනතුරකින් තරුණයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව කලවාන පොලිසිය පැවසිය.

මෙම අනතුර ඊයේ (26) වනදා රාත්‍රී කාලයේ සිදු වී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ කලවාන කුඩුමීරිය ප්‍රදේශයේ පදිංචි රම්පටිගේ තිනුල පන්සිලු නැමති දාහත් හැවරිදි තරුණයකු බව කලවාන පොලිසිය පැවසිය .

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මියගිය තරුණයාගේ ඥාති සොයුරියක් හා පියා බව පොලිසිය පැවසිය.

ඔහුන් මැණික්වැලිගම ප්‍රදේශයේ කොටහලු මගුල් උත්සවයකට සහභාගී වී යමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසිය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *