BREAKING NEWS
Search

හබරණ මහ කැලේ මැද ගිනිගත් රියේ මළ සිරුරක්

1586

හබරණ,කැලය මැද ගිනිගමින් තිබූ කැබ් රියක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි.

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර  කිලෝමීටර් 38 කණුව අසල ආසන්නයේ කැලෑවේ යමක්  ගිනි ගන්නා බවට මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබෙන කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඊයේ (25 ) රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගිනි ගන්නා අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා  නතර කොට තිබී ඇති අතර එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බව මින්නේරිය පොලීසිය පවසයි.

පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුල දමා පිලිස්සීම සඳහා කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය විසින් සැකකරයි.

මෙම ගිනි ගැනීමට ලක්වූ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකුට අයත් කැබ් රථයක් බවට පොලිසිය විසින් සොයා ගෙන ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *