යළි සහල් ආනයනය බෑ

118

සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙරටට සහල් ආනයන අවසරය පසුගිය 20 දා අවසන් වීමට නියමිතව තිබූණද රජය මගින් සහල් ආනයනය කිරීමේ අවසරය නැවතත් ජනවාරි 10 දා දක්වා දීර්ඝ කෙරිණි.

එහෙත් ඊට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නොමැති බවත් රේගුව සදහන් කළේය.

සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වූ පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *