එක වෙළද දැන්වීමකට හිතාගන්නවත් බැරි මුදලක් ඇය කල සුපිරි නිළිය

351
ඇය ගැන කියන්න බොහෝ කතා තියනවා.. ලොවක් ආදරය කරන මේ සුරූපිනිය ගැන ඇසෙන්නේ ටිකක් වෙනස් කතාවක්..

සමහරවිට මේ කතාව ඇසුවාම ඔබ පුදුමයට පත්වේවි.. තත්ත්පර 50 ක වෙළඳ දැන්වීමකට කෝටි 05 ක් අයකළ ඇය ගැනයි මේ කියන්න යන්නේ..

කවුද මේ සුපිරි තරුව, ආලියා භාත්, ජාන්වී කපූර්, සමන්තා ප්‍රභූ, කරීනා කපූර් මේ අතරින් කෙනෙක්ද..? නැත්නම් ඓශ්වර්යා, දීපිකාද..? එහෙනම් කා ගැනද මේ ආරංචිය.. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්..

ඒ වෙන කවුරුත් නෙවෙයි, ‘ලේඩි සුපර් ස්ටාර්’ ලෙස කවුරුත් අතර ජනප්‍රිය නයන්තාරා.. දකුණු ඉන්දියාවේ අසීමිත ජනප්‍රියත්වයක් උසුලන මේ තරුව, තත්පර 50ක දැන්වීමක් සඳහා පමණක් රුපියල් කෝටි 5ක අතිවිශාල මුදලක් අය කරන බවයි දැනගන්න ලැබෙන්නේ..

ඒ Tata Sky සමාගමේ දැන්වීමක් සඳහායි.. මාධ්‍ය වාර්තාවලට අනුව නයන්තාරා මේ වනවිට ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නිළිය වන්නේ ඇයයි..  ඇය චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 11ක්..

කෙසේ වෙතත්, මේ සමාගම ඇගේ මුදලට එකඟවීමම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු පුවතක් වුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *