සෙලීනා ගෝමස් කියන්නේ ලෝකයම ආදරේ කරන චරිතයක්නේ…
විටින් විට පුවත් මවන සුරූපී ගායිකා සෙලීනා ගෝමස්ගේ ජිවිතය නව ආරම්භයක් ලැබිලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා…ඉතිං… මේ කියන්න හදන්නේ ඒ ගැනයි…
සෙලීනා ගෝමස්, ගීත රචක බෙනී බ්ලැන්කෝ සමඟ විවාහ ගිවිසගෙන ඇති බව හෙළි කර තිබෙනවා.
”forever begins now..” මැයෙන් Instagram හි සටහනක් සහ සේයා රූ කිහිපයක් පළ කරමින් ඇය මේ බව දැනුම් දී තිබුණා.
යුවළ සිය සම්බන්ධතාව පිළිබඳව තහවුරු කරනු ලැබුවේ, පසුගිය වසරේදී යි.
සෙලීනාගේ නව ආරම්භයට ටේලර් ස්විෆ්ට්, කාඩි බී, ග්විනෙත් පැල්ට්‍රෝ, ජෙනිෆර් ඇනිස්ටන් සහ සුකී වෝටර්හවුස් යන පිරිස් සිය සුබපැතුම් එකතු කර ඇති අන්දම දක්නට ලැබුණා.




















