අහුංගල්ල මුහුදේ දී දිය වැලකට හසුවී ගසාගෙන ගිය විදේශිකයින් දෙදෙනාට සිදු වූ දේ

191

අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශිය ජාතික පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබේ.

ඊයේ (10) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් විදෙස් යුවළ බේරාගෙන කඩිනමින් ප්‍රතිකාර ලබාදී ඇත.

අනතුරින් දිවි බේරාගත් විදෙස් තරුණයා අවුරුදු 29ක් වන රුමේනියානු ජාතිකයෙක් වන අතර, කාන්තාව අවුරුදු 30ක් වන චීන ජාතිකයෙකි.

අහුංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් 29896 ලසන්න, පොලිස් කොස්තාපල් 19342 සංගීත හා පොලිස් කොස්තාපල් 103992 දුලංජය යන නිලධාරීන් විසින් මෙම දිවි බේරා ගැනීම සිදුකර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *