BREAKING NEWS
Search

කොලබ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇගවීමක්. මේ ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න

664

කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 – 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව බොහෝ නාගරික ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකිය.

මෙම තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති විය හැකි බවත් එවැනි අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය සඳහන් කරයි.

 

උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ල, නානුඔය හා බණ්ඩාරවෙල දක්වා

මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

කොළඹ කොටුව හා ඇල්ල අතර ඔඩිසි හා උඩරට මැණිකේ දුම්රියන් ද කොළඹ හා නානුඔය අතර පොඩි මැණිකේ දුම්රිය ද කොටුව හා බණ්ඩාරවෙල අතර රාත්‍රී තැපැල් දුම්රියන් ද ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සදහන් කරයි.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙසේ දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගත් බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව හාලිඇල හා උඩුවර ප්‍රදේශවලදී දුම්රිය මාර්ගයට කඩාවැටුණු ගල් හා පස්කදු ඉවත් කිරීම මේ වනවිටත් සිදු කෙරෙන බව පැවසීය.

මේ නිසා ඇල්ල හා බදුල්ල අතර දුම්රිය ධාවනය තව දින කීපයකට ප්‍රමාද විය හැකි බවත් බලධාරීහු පැවසූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *