BREAKING NEWS
Search

මත්පැන් ලෝලීන්ට දුක පණිවිඩයක්. ප්‍රසිද්ධ සමාගමක අරක්කු වෙළෙඳ පොළට එන්නේ තව සති දෙකයි ?

453

රජ­යට අය විය යුතු රුපි­යල් බිලි­යන 3.5ක (කෝටි 355ක්) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් තමන්ට නියම කර ඇති මාස 06ක සිර­ද­ඬු­වම බලරහිත කර තමන්ව ඇප මත මුදා­හ­රින ලෙස ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ අර්ජුන් ඇලෝසියස් විසින් රිට් පෙත්ස­මක් මඟින් කළ ඉල්ලීම අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (12) ප්‍රති­ක්ෂේප කළේය.

මෙම අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ කට­යු­තු­ව­ලට මැදි­හ­ත්වී­මට අපේක්‍ෂා නොක­රන බව අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මහේන් ගොප­ල්ලව මහ­තාගේ එක­ඟ­ත්වය ඇතිව විනි­සුරු සෝභිත රාජ­ක­රණා මහතා අදාළ නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කර­මින් සඳ­හන් කළේය.

එබැ­වින් පෙත්ස­ම්ක­රුගේ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කරන බව විනි­සු­රු­ව­රයා විවෘත අධි­ක­ර­ණ­යේදී සඳ­හන් කළේය. කෙසේ වුවද මෙම පෙත්සම විභා­ග­යට ගැනී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය අව­සර ලබා දුන්නේය. ඒ අනුව මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් මේ මස 29 වැනිදා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නොතීසි නිකුත් කරන ලදි.

නොවැම්බර් 30 වනදාට පෙර හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත් ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන බවද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.
රුපියල් බිලියන 3.5ක එකතු කළ අගය මත බදු නොගෙවීම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම සමාගමට එරෙහිව අධිකරණයේ නඩුව අතරතුර මෙම නිවේදනය කර ඇත.

ඊට අදාල අධිකරණ තීන්දුව අනුව කටයුතු නොකිරීම මත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකු මාස හයක සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර තිබේ.
රුපි­යල් බිල­යන 3.5කට ආසන්න වැට් බදු නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කරු ඇතුළු පිරි­ස­කට එරෙ­හිව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ නඩු­වක් ගොනු කර ඇති බව පෙත්ස­මෙහි සඳ­හන් විය. එම නඩු­වට අදා­ළව වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කාර සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රුන් වර­ද­ක­රු­වන් බවට

2023 වසරේ නොවැ­ම්බර් මස 23 වැනිදා තීර­ණය කරන ලදි. අන­තු­රුව ඉකුත් ඔක්තෝ­බර් මස 14 වැනිදා ඔවුන්ට මාස හයක සිර­ද­ඬු­වම් නියම කළ අතර එම සිර­ද­ඬු­වම් නියම කර තිබෙන ආකා­රය නීති­යට පට­හැණි වන බැවින් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ එම නියෝ­ගය බල රහිත කර ඔහු ඇප මත මුදා­හ­රින ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු­කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *