BREAKING NEWS
Search

රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්න

675

ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එසේම රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *