ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් ? – අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්

366

ආරුගම් බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.

එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.

සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට ය.

වෙනත් පුවත්

මහ මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට බාරදෙයි

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම තැපැල් ජන්ද අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු භාර ගෙන කඩිනමින් සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කළේය.

මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම මේ මස 30, නොවැම්බර් 01 හා 4 යන දිනවලදී සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම දින දෙකේදී තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද දායකයින්ට නොවැම්බර් 7 හා 8 යන දිනවලදී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *