මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය බෝගහවිල පාර පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති (41) හැවිරිදි දෙදරු පියක්.
මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු එකහමාරක සහ තුනක දරු දෙදෙනා බලා ගනිමින් නිවස තුළ සිටියදී වර්ෂාවත් සමග ඉහළ මහලේ වහලයෙන් ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීම සඳහා ඔහු තනිවම වහලයට නැග තිබෙනවා.
එය සවි කිරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටි නිවෙස් දෙකක් අතර අඩි නමයක් පමණ වූ හිස් බිමකට ඇද වැටී අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සදහන් කලේ.
මේ බව කිසිවක් නොදත් යාබද නිවසේ කාන්තාවක් පිටිපස දොර විවර කර පිටතට පැමිණීමේදී ඒ ඉදිරිපිට පුද්ගලයකු වැටි සිටිනු දැක පසුව විපරම් කර බැලීමේදී ඒ යාබද නිවසේ පුද්ගලයා බවට හඳුනාගෙන ඔහුගේ බිරිඳට දන්වා තිබෙනවා.




















