ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්

244

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.

ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකවරුන්ට ඒ බව දැනුම් දීමෙන් පසු, නවදිල්ලි අගනුවර ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානය හරවා යැවුණි.

යානය ගාන්ධි ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩ බෑ අතර, යානයේ සිටි මගීන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය හිස් කිරීමට දිල්ලි පොලිසිය, ආරක්ෂක අංශ පියවර ගත්තේය.

ඉන්පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් ගුවන් යානය සෝදි කළ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ හමු නොවුණු බව පැවැසෙයි.

යානයේ මගීන් 239 දෙනකු සිටි අතර, ඔවුන් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවට රැගෙන යෑමට කටයුතු යෙදුණු බව පසුව දැනගන්න ලැබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *