BREAKING NEWS
Search

මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ

589

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.

බෑණාගේ හිසට පහර දිමක් හේතුවෙන් බැනා  ඝාතනයට ලක්ව ඇති බව බළන්ගොඩ පොලිසිය පැවැසීය.

මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ දහමානේ පදිංචිව සිටි මිිගහවෙල ලේඛමිලාගේ විජේකුමාර නැමති 44 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.

මිය ගිය අයගේ නිවසට ඔහුගේ බිරිඳගේ මව සහ පියා පැමිණ සිට තිබේ.

එම අවස්ථාවලදී බිරිද සහ මරණකරු අතර බහින් බස්විමක් සිදු වි තිබෙන අතර එම අවස්ථාවලදී බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදි සිදුකළ පහර  දිමක් හේතුවෙන් බෑනා මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

පහර දුන් 65 හැවිරිදි සැකකාර මාමා බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *