දිවි නසා ගැනීමට ගත් ලණුව කැඩී බිමට වැටී පුද්ගලයෙක් මියයයි

241

තම නිවසේ ආලින්දයේ බිත්තියකට ඉනි මගක් හේත්තු කොට නිවසේ වහලයේ පරාලයක නයිලෝන් ලණු කැබැල්ලක ආධාරයෙන් ගෙල වැලලා ගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ගෙල වැලලා ගැනීමට යොදා ගත් ලණුව කැඩීයාම නිසා පය ලිස්සා ඉනිමගෙන් බිමට ඇදවැටී පොළොවේ හිස වැදීමෙන් මරුමුවට පත්ව ඇත.

ගල්නෑව ප්‍රදේශයේ පදිංචිව සිටි මුඛ පිළිකා රෝගයකින් පෙළුණු පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් තිබේ.

ගල්නෑව අමුණුගම සේනපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ටී.එම්.ගාමිණී කුමාරසේන එක් දරු පියෙකු මෙසේ මියගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *