BREAKING NEWS
Search

ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ශ්‍රී ලංකාවට තෑගි

152

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ.

එක්දින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති, අගමැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි.

එමෙන්ම නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇ.ඩො. මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *