BREAKING NEWS
Search

නාමයෝජනා භාර දී මහ මඟ රතිඤ්ඤා දැල්ලුවොත් අත්අඩංගුවට

76

මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඥ්ඥා දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එමෙන්ම ඔහු කියා සිටියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවයි.

මේ අතර, 2024/ 2025 මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර ලබාදීම, ධීවරයන් සදහා වූ සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිග මුදලද සමග ඔක්තෝම්බර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සදහා වැඩි කළ දීමනාව නැවත ක්‍රියාත්මක කිරීම පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වෙනත් පුවත්

පුවක්වැල්ල වැවේ මල් කැඩීමට ගිය කතක් දියේ ගිලි මරුට

කුඹුක්ගැටේ, පුවක්වැල්ල වැවේ ගිලි කාන්තාවක් ඊයේ (04) පස්වරුවේ මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

කුඹුක්ගැටේ පොලිසිය පැවසුවේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 61 ක් වු ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

ඇය පුවක්වැල්ල වැවේ නෙළුම් මල් කැඩීමට ගොස් සිටියදී මෙම මරණය සිදු ඇති බව පොලිසිය සිදු කල විමර්ශණයේදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *