BREAKING NEWS
Search

අවාසනාවත ලෙස පුහුණුවීම් කල බසයට යට වූ ජිවිතයෙන් වන්දි ගෙවූ සිසුවා

313

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු අද(3)  මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය.

මෙලෙස අවාසනාවන්ත ලෙස  මරණයට පත්ව ඇත්තේ ආණමඩුව මහ උස්වැව ප්‍රදේශයෙ පදිංචි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු නැමති 17 හැවිරිදි කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පීය පාඨමාලාව හදාමින් සිසුවෙකු කියයි.

එසේ අදාල සිසු සැරිය බස් රථය කාර්මික විද්‍යාල භුමියෙ තබා වයරීන් කටයුත්තක් සදහා යොමු කර වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී එයට හදිසියෙ නැගිමට ගොස් නොසිතු ලෙස අත් වාරුවෙන් ලිස්සා මෙම සිසුවා  බිමට වැටි ගමන් කරමින් තිබු බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණමඩුව රෝහලට ඇතුලත් කර තිබේ.

මහඋස්වැව රතනපාල ජාතික පාසලේ අපොස විභාගයට පෙනි සිටිමේන් පසු කාර්මික විද්‍යාලයට ඇතුල්වි එහි හය මාසික මෝටර් රථ කාර්මික ශීල්පි පාඨමාලාව හදාරමින් එය අවසන් වීමට සුළු කාලයක් තිබියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබුනී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *