BREAKING NEWS
Search

බස් ගාස්තු අඩු වෙයි. නව බස් ගාස්තු මෙන්න

15558

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය.

මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

වෙනත් පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ ඊයේ (30) පැවසූහ.

ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එහිදී ඔවුන් පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ.

පසුව ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවිය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *