රජයට අහිමි වීමට ගිය මිලියන 660

21287

නීති විරෝධීව ආනයනය කළ බහාලුමක තිබී දුම්වැටි, උඳුපිටි සහ කහ කැබලි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද(26) සොයා ගෙන තිබේ.

දුම්වැටි තොගය රුපියල් මිලියන 757 ක්, උඳුපිටි තොගය රුපියල් මිලියන 23ක්  සහ කහ තොගය මිලියන 14ක වටිනාකමකින් යුක්ත වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

මෙම භාණ්ඩ තොගය රටට ඇතුළු වූයේ නම් රජයට අමිවන මුදල රුපියල් මිලියන 660ක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *