BREAKING NEWS
Search

අධිකරණයේදී විනිසුරුව වෙඩි තබා ඝාතනය කෙරේ

380

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ෂෙරීෆ්වරයෙකු විනිසුරුවරයෙකුට මාරාන්තික ලෙස වෙඩි තබා තිබෙනවා.

ලෙචර් ප්‍රාන්ත උසාවියේදී මෙලෙස කිහිප වතාවක් වෙඩි තැබීමෙන් දිස්ත්‍රික් විනිසුරු කෙවින් මුල්ලින්ස් (54) එම ස්ථානයේදීම මිය ගිය බවයි කෙන්ටකි ප්‍රාන්ත පොලීසිය පවසන්නේ.

ඒ අනුව ලෙචර් ප්‍රාන්තයේ සේවය කළ 43 හැවිරිදි ෂෙරිෆ් ෂෝන් ස්ටයින්ස්ට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවක් එල්ල කර ඇති බව සඳහන්.

අධිකරණය තුළ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය වේලාවෙන් 14:00 ට පමණ) මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළ නමුත් ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *