Latest Articles
Search

ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් නෑ, මට කොවිඩ් ම’ර්ද නයට නායකත්වය දෙන්න තියෙනවා – පවිත්‍රා

64

රටේ කොවිඩ් තත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්නවලට පිළිතුරු දිදී සිටින්නට තමන්ට වේලාවක් නොමැති බවත් තමන්ට කොවිඩ් ම’ර්ද නයට නායකත්වය ලබාදීමේ වැඩ කටයුතු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Advertisement

පාර්ලිමේන්තුවේදී රටේ කොවිඩ් තත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න අසමින් විපක්ෂ නායකවරයා උත්සාහ කරන්නේ කොවිඩ් ම’ර්ද නයට නායකත්වය දෙමින් තමන් කරන වැඩ කටයුතු අවුල් කිරීමටදැයි සැකයක් තමන්ට මතුවන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

Advertisement

“මට පොඩි සාධාරණ සැකයක් තියෙනවා. මේ කොවිඩ් ම’ර්ද න ක්‍රියාවලියට මම නායකත්වය දෙනකොට මට කැප කරන්න තියෙන කාලය 27.2 යටතේ විපක්ෂ නායකතුමා අවභාවිතා කරලා මේක අවුල් කරන්න කටයුතු කරනවාද කියන කාරණය ගැන සාධාරණ සැකයක් තියෙනවා ගරු කථානායකතුමනි. මේවා මම හැමදාම උත්තර දීලා තියෙනවා.

Advertisement

මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කාලය නාස්ති කරන්නෙ නැතුව ජාතික ව්‍යසනයක් ඇතිවෙලා තියෙන වෙලාවෙ කරුණාකර බිමට ගිහිල්ලා එතන කරන්න තියෙන දෙයක් කරන්න කියලා. එනිසා මට අද මේ ප්‍රශ්නයට, ඊයෙ ලබාදුන්නා ලොකු ප්‍රශ්න ගොඩක්, මට අද විශාල වැඩ කොටසක් තියෙනවා. එනිසා මට අද උත්තර දීමට හැකියාවක් නැහැ කථානායකතුමනි” යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

Advertisement

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමන්ට නොහැකි බව අවධාරණය කරමිනි.

Advertisement

මීට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට පැවසුවේ “මොකද්ද මේ විහිළුව. ඔබතුමාම දන්නවා දවසින් දවස ආසාදිතයින් ප්‍රමාණය වැඩිවෙනවා. ම’ රණ ප්‍රමාණය වැඩිවෙනවා. ඒවා පිළිබඳ අපට ප්‍රශ්න අහන්න බැරිද ? ඒක තහනම්ද ?” යනුවෙනි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *