හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකා 19 කාන්තා ජාතික කණ්ඩායමට තේරී පත්වුණ පුවත මේ වෙද්දි ඔබ දන්නවනේ.
ශ්‍රී ලංකා 19 පහල කාන්තා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ඔවුන් දිවයිනෙන් පිටත්ව ගොස් හමාරයි.
ඉතින් ලොවක් දන්නා පියකුගේ දියණියක් සිය පියාගේම අඩිපාරේ යද්දි මොන තාත්තටද ආඩම්බර නැත්තේ.
ඒ ආඩම්බරය හිතේ තියාගෙන ඩිල්ෂාන් තම දියණිය වෙනුවෙන් තැබූ සටහනක් තමයි මේ.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීම පිළිබඳව අපගේ දියණිය ලිමන්සා තිලකරත්නට සුබ පැතුම්!
ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම ගැන, අපි ඔබ ගැන ආඩම්බර වෙමු.
ඔබේ සාර්ථකත්වයේ වැදගත් අංගයක් වූ ඔබේ මවගේ ඇදහිය නොහැකි සහයෝගයට මට ස්තූති කිරීමටද අවශ්‍යයි.
දිගටම බැබළෙන්න, ඉහළ ඉලක්ක තබාගන්න, අප සැවොම ආඩම්බරයෙන් පුරවන්න





















