මාලිමාවේ ආධාරකරුවන් රැගත් බස්රථයකට ප්‍රහාරයක්

460

අද (13) උදෑසන මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැති ජන හමුවකට එක් ව ආපසු යමින් සිටි පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.

ප්‍රහාරයෙන් සිව්දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

පහරදීම සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *