සමහර ඡන්ද පත්‍රිකා වලට වෙලා තිබෙන දේ මෙන්න

227

කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව  කිලිනොච්චිය පොලිසිය පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාසලින්ගම් මනෝ හරන් නැමති අවුරුදු 37ක  අම්බාල් නගර්, ශාන්ත පුරම් ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

කිලිනොච්චිය තැපැල් කාර්යාලය ලියුම් බෙදෙන්නෙකු ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ රාජකාරියේ නියැලී සිටියදී  සැකකරුගේ  මවට සහ නැගණියට ඡන්ද පත්‍රිකා ලැබී ඇතිමුත් තමාට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු බව පවසා ලියුම් බෙදන්නා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව සැකකරු ලියුම් බෙදන්නාට තර්ජනය කර ඔහු  සතුව තිබූ පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගෙන පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.

කිලිනොච්චය පොලිසියේ නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබූ ඡන්ද පත්‍රිකා තොගය සොයාගත් බව පොලිසිය කියයි.

කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *