කඩු අරන් ස්පා එකට බැස්ස 6 දෙනෙක් කල අපරාධය

417

කඩුවක් රැගෙන බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට ඇතුළු වුණු පුද්ගලයන් 6 දෙනෙකු කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කර ඇති බව යක්කල පොලිසිය පවසයි.

එම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සිට ඇති අතර සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඇතැයි පොලිසිය පවසයි.

පසුව ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.

ගම්පහ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *