ජනප්‍රිය ඉන්දීය නළු ජයම් රවී සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
ඒ වසර 15ක විවාහ දිවියට තිත තබමින්.
දමිළ නළු ජයම් රවී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ විවාහයෙන් වසර 15කට පසු තමා බිරිඳ ආරතිගෙන් වෙන්වන බවයි.
පෞද්ගලික හේතූන් නිසා මෙම දික්කසාදය සිදුවන බවයි ඔහු සදහන් කර ඇත්තේ.
ආරති, ජයම් රවීගේ සියලුම පින්තූර ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් මකා දැමීමෙන් පසු පසුගිය ජුනි මාසයේ දී යුවළගේ වෙන්වීම පිළිබඳ කටකතා මතු වුණා.
ඒ, අනුව යුවළගේ වෙන්වීම පිළිබඳ මාස ගණනාවක සිය විවිධ පුවත් පැතිර ගිය අතර, ඊයේ (08) දිනයේ දී ජයම් රවී ඒ බව තහවුරු කර තිබෙනවා.

























