13 වෙනිදා සිට නිවාඩු ලබා දෙන පාසැල් මෙන්න

1155
ජනාධිපතිවරණය නිමිත්තෙන් බදුල්ලේ පාසල් වලට ලබන 13 වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝ පියස් පවසනවා.

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට මේ මස 13 සිට 24 දින දක්වාත්,

ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් නිලධාරීන් ට සහ අනෙකුන් නිළධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාර මහා දේවි බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19,20 දෙදින නිවාඩු ලබා දෙන අතර,

ජනාධිපතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වනදින නිවාඩු ලබා දෙන බවද සදහන්.

බදුල්ල මධ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යලි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාලිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත යැයි ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝ පියස් මහතා වැඩිදුරටත් පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *