BREAKING NEWS
Search

දරුවන්ගේ ගැටුමට පියා මැදිහත්වී සිසුන් හතරක් රෝහලේ

104

කල්පිටිය අධ්‍යාපන කොට්ඨශයට අයත් පාසැලක සිසුන් සිව් දෙනෙකු පාසැල නිමාවී එමින් සිටියදී පාසැලට නුදුරින් මහ මගදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.

පාසලේ අවසාන කාලඡේදය තුළ, පසු ගියදා නවවැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු එම පන්තියේම සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සිදුවී ඇත.

අනතුරුව එම පහර කෑමට ලක්වූ සිසුවා ඔහුව කැටුව යාමට පැමිණි සිය පියාට සිද්ධිය සැළකිරීමත් සමග කෝපයට පත් පිය එම සිසුන් තුන්දෙනාටත් ඔවුන් සමග සිටි අට වසරේ තවත් සිසුවෙකුටත් පහර දී ඇතැයි කියයි.

මෙසේ පහර කෑමට ලක් වූ 13 හැවිරිදි දරුවෙකු සහ 14 හැවිරිදි  දරුවෙකු කල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තවත් දරුවන් දෙදෙනෙකු සහ දරුවන් විසින් පහර දුන්නා යැයි කියන සිසුවාකු  ද ඇතුලුව 14 හැවිරිදි දරුවන් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ පිළිබදව කල්පිටිය ළමා හා කාන්තා කාර්‍යාංශ නිළධාරීනියකගෙන් විමසීමේ දී සිද්ධියට අදාල පහර දුන් බවට සැක කෙරෙන තිහලිය පදිංචි 45 හැවිරිදි පියා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *