BREAKING NEWS
Search

සැමියාගෙන් බිරිඳට එල්ල වූ මාරාන්තික පොලුපහර

149

පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් පොල්ලකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.

ඊයේ (26) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ, හබරණ, පලුගස්වැව ප්‍රදේශයේදීය.

එලෙස මියගොස් ඇත්තේ, එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාම මත ඝාතනය සිදුකර ඇති බව පොලීසිය දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ අවුරුදු 66ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *