BREAKING NEWS
Search

ගැබිනිය මිය ගියයැයි දොස්තර ඇතුළු 4ක් ගෙදර

101

දරුවකු ප්‍රසූත කිරීම සඳහා මන්නාරම, රෝහල වෙත ඇතුළත් කළ  මවක් හදිසියේ මියයාම පිළිබඳ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු, හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මියගිය  මව දරුප්‍රසූතියෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් රෝගීව මිය ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මන්නාරම , මුරුන්කන් පදිංචි මරියරාජ් සින්දුජා නමැති 27 හැවිරිදි උපාධිධාරිනියක වන අතර මිය යන විට ඇය දෙදෙරු මවක වූවාය.

කාන්තාව මියයෑම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් විසින් මන්නාරම රෝහල් අධ්‍යක්ෂකවරයා, මන්නාරම පොලිසිය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.

රුධිරය වහනය වීම වෛද්‍යවරයාට දැන්වු පසු එය සාමාන්‍ය තත්වයක් බවට පවසා වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මියගිය සිය දියණියට ප්‍රතිකාර කිරීම සිතාමතා පැහැර හැර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *