සරසවියේ තවත් ඛේදනීය සිදුවීමක්.. පේරාදෙණියෙන් ඇසෙන ඇස් අදහාගන්න බැරි පුවත මෙන්න..

1549
නවක වදය ගැන ඕනෑතරම් කතා අපි අසා තිබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ අහන්න ලැබුණ තවත් කතාවක්..

මේ කතාව ඇසෙන්නේ පේරදෙණිය පැත්තෙන්.. පළමු වසරේ සිසුන් දෙදෙනකුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනෙක් පහරදී තිබෙනවා.. එම සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට ඇතුළු වී බරපතළ ලෙස මොවුන් පහරදුන් බව‍යි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත් අදාල ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පියවරගෙන තිබෙනවා..

පහර කෑමෙන් තුවාල ලත් සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසු වූ එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පහර දුන් සිසුන් සිව්දෙනා විද්‍යා පීඨයේ තෙවන හා සිව්වන වසරවල අධ්‍යාපනය ලබන බව හඳුනාගෙන තිබෙනවා..

කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පර්‍යේෂණ පවත්වනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *