BREAKING NEWS
Search

සිය සිනමා දිවිය අවසන් කරමින්, සම්මානනිය නිළියක් ජීවන රඟමඩලෙන් සමුගනී…

11622
Woman Under the Influence” චිත්‍රපට රංගනයෙන් පරම්පරාවකට ආස්වාදයක් ලබාදුන් Gena Rowlands, සිය ජිවන රංගනයට සමු  දී තිබෙනවා.

ඇය මිය යන විට 94 වන වියේ පසු වුණා.

තවත් බොහෝ John Cassavetes විශේෂාංගවල මෙන්ම “The Notebook” නම් ප්‍රේමාන්විත චිත්‍රපටයේ ද රංගනයෙන් දායක වූ ඇය බදාදා දින කැලිෆෝනියාවේ ඉන්දියන් වෙල්ස් හි පිහිටි ඇගේ නිවසේදී මිය ගිය බව සදහන්.

ඇගේ පළමු සැමියා වන අධ්‍යක්ෂ ජෝන් කැසවෙට්ස් සමඟ මුල්කාලීන ස්වාධීන සිනමාවේ ඇය කළ රඟපෑම් නිසා ජනප්‍රියත්වයට පත් රෝලන්ඩ්ස්, පසුකාලීනව 1998 දී සැන්ඩ්‍රා බුලොක් සමඟින් කළ “Hope Floats” සහ 2004 දී තිරගත වූ “ද නෝට්බුක්” නිසා කා අතරත් කතාබහට ලක්වුණා.

ඇය 1974 හි “A Woman Under the Influence සහ 1980 “Gloria” සඳහා ඇකඩමි සම්මාන දෙකක් සඳහා නම් කෙරුණු දක්ෂ නිලියක්වන අතර, සිනමාවේ “අසාමාන්‍ය ජීවිත ජයග්‍රහණ” පිළිගැනීමක් ලෙස, අධ්‍යක්ෂක ස්පයික් ලී සමඟින්, 2015 දී ගෞරව ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *