Latest Articles
Search

අගෝස්තු 12 සිට ශ්‍රී ලංකාවට Starlink

393

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ සංශෝධිත 17B වගන්තිය යටතේ  Starlink Lanka (Private) Limited වෙත ශ්‍රී ලංකාවේ සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් නිකුත් කර ඇත.

මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 සිට ක්‍රියාත්මක වේ.

පසුගිය දා ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවවේදී “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනයට අනුමැතිය හිමිව තිබේ.

“Starlink” ජාල මධ්‍යස්ථාන ලොවපුරා 2000ක් පමණ ස්ථාපිත කර ඇති අතර, රටවල් 32ක් මේ වන විටත් වේගවත් අන්තර්ජාල පහසුකම ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *