තමන්ගේ එකම දරුවා සහ සැමියා සමඟ සතුටෙන් කාලය ගෙවූ තැනැත්තියක්..
හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාසල් ගුරුවරියක සිය නිවසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසනවා..
මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම, ගොඩගම පදිංචිකාරියක වන හෙනරත් ආරච්චිලාගේ බුද්ධිකා රංගනී යසරත්න නමැති 32 හැවිරිදි එක්දරු මවක වන පාසල් ගුරුවරියක්..
මියගිය ගුරුවරිය සිද්ධිය වූ දින සැමියා සමඟ තම දරුවා පාසලට පිටත් කර නිවසේ සිටියදී මෙලෙස ගෙල වැලලාගෙන ඇති බවත් ව්‍යාපාරිකයකු වන ඇගේ පියා හදිසියකට නිෙවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දැක ඒ අවස්ථාවේදීම රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය පවසනවා..
අදාළ මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ විසින් සිදු කළ අතර එහිදී ලද සාක්ෂි මත මෙලෙස සියදිවි නසා ගැනීමට නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැති බැවින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා..




















