11 හැවිරිදි දැරියක් ව ගැබිනියක් කළ සුළු පියෙකුට අත් වූ ඉරණම

178

තම බිරිදගේ පළමු විවාහයේ 11 හැවිරිදි දියණියක දූෂණය කර ගැබිනියක් කර දරුවෙකු ප‍්‍රසූත කිරීමට සැලැස්වීම සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින සුළු පියෙකුට වසර හැටක බරපතළ වැඩසහිත සිර දඬුවමක් පැනවීමට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි මෙනවිය තීන්දු කළාය.

එක් අධි චෝදනාවකට වසර විස්ස බැගින් මෙම සිර දඬුවම නියම කෙරිණ.

මහනුවර මහාධිකරණය විසින් මෙවැනි වරදකට විත්තිකරුවෙකුට හැට වසරක සක‍්‍රිය සිර දඬුවමක් නියම කළ පළමු අවස්ථාවද මෙය වෙයි.

ඊට අමතරව චෝදනා තුනටම වෙන් වෙන් වශයෙන් රුපියල් දසදහස බැගින් දඩ මුදල් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසරක බරපතළ වැඩසහිත සිර දඬුවමක් නියම කළාය.

තවද වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර දෙකක බරපතළ වැඩසහිත  සිර දඬුවමක්ද නියම කළාය.

2016 වසරේ ජනවාරි මස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බලප‍්‍රදේශයට අයත් වට්ටප්පොලදී මෙම විත්තිකරු විසින් බාල වයස්කාර දැරිය ව අවස්ථා තුනකදී බරපතළ ලෙස දූෂණය කළ  බවට අධිචෝදනා ගොනු කර තිබිණ.

වින්දිත දැරිය විසින් ප‍්‍රසූත කළ  දරුවා මෙම විත්තිකරුට දාව උපන් දරුවෙකු බව ඩී.එන්.ඒ. පරික්ෂණයක් මගින් තහවුරු කර තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *