BREAKING NEWS
Search

ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී මරුට

143

ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඊයේ (03) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

මරණකරු තවත් පුද්ගලයින් පිරිසක් සමග කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටින අතර තුරදී ජලපහරකට හසුවී ගසාගෙන ගොස් මෙම මරණය සිදුව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *