සුරාබදු දායකයින්ට සුබ ආරංචියක්… මත්පැන් මිල විශාල ගණනකින් අඩු වෙයි?

349

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදී.

මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

මිල ඉහළ යාම නිසා මත්පැන් අලවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත් මෙහිදී ඔහු අවධාරණය කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *