BREAKING NEWS
Search

රිය අනතුරින් අයෙක් මරුට.අයෙක් රෝහලට

474

පෝරුවදණ්ඩ බොරලුගොඩ  ප්‍රදේශයේ අද (1) දහවල්  මාර්ගය අයිනේ කතාබස් කරමින් සිටි දෙදෙනෙක්  දෙසට සුඛෝභෝගී මෝටර් රථයක් කඩා වැදිමෙන් එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවිරිදි  අවිවාහක තරුණයෙකි.

අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ පෝරුව දණ්ඩ අරුණගම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි  පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ එළවළු වෙළඳසැලක් ආරම්භ කිරීමේ කටයුතුවල නියැලෙමින් සිට ඇති අතර ඔහුට දහවල් ආහාර පාර්සලයක් රැගෙන ඔහුගේ  පෙම්වතිය  ඇයගේ  පියා සමඟ තීරෝද රථයකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබු අනෙක් පුද්ගලයා ඔහුගේ පෙම්වතියගේ පියා බව පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *